Colombo Today Local News

කිව්.ආර්. වලින් පිට වැඩ කළ ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටවයි

කිව්.ආර්. කේතයට පටහැනිව දිගින් දිගටම ඉන්ධන අළෙවිය කළ ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අළෙවිය තහනම් කළ බවත් සියලුම ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ටැංකි ගබඩා තුළ ධාරිතාවෙන් අවම සියයට 50ක ඉන්ධන තොග පවත්වාගෙන යායුතු යැයි කොන්දේසියක් පැනවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඛනිජ තෙල් සංස්ථාව සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් ජී.පීඑ.එස්. උපාංගය සවි කිරීම මේ මස 15 වැනිදා වන විට අවසන් කළ යුතු බව ද අමාත්‍යවරයා සදහන් කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග අද (6)දින පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණවලට එළඹ තිබේ.

Related posts

සැකකරුවන්ට උපරිම දඩුවම් ඉල්ලා ඩයගම වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂනයක.

colombotoday

ජනාධිපති, ආරක්ෂාව සම්බන්ධයෙන් මුකුත් දන්නෙ නැහැ… එයා බයයි !!

colombotoday

දෙමටගොඩ චමින්දගේ සොයුරාට බොරැල්ලේදී වෙඩි

colombotoday

“තිතට මත.. මතට කත” මංගලගේ තැබෑරුම් චක්‍රලේඛය ජනපති අහෝසි කරයි

colombotoday

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද සහ ගෝඨාභයට කැනඩාවේ ඔවුන් සතු වත්කමක් තහනම් කරමින් සම්බාධක පනවයි

Admin

බලපත්‍ර කාලය ඉක්මවූ, සාධනීය කාර්යයන් සිදුකර නැති විදුලිබල ව්‍යාපෘති බලපත්‍ර අහෝසි කරයි

Admin