Colombo Today Local News

ඥානසාර හිමිට එරෙහි අභියාචනාධිකරණ නඩුව කල් යයි. එක්නැලිගොඩ නඩුවට අදත් උසාවියේ

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව විභාග වන අධිකරණයට අපහාස කිරීමේ නඩුව පෙබරවාරි 19දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ (16දා) තීන්දු කළේය.
හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිශ්චය ශාලාවට ඇතුළු වී මහෙස්ත්‍රාත්වරයාගේ අවසරය නොලබා අධිකරණය අමතමින් කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකරන ලදැයි ඥානසාර හිමියන්ට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකොට ඇත. එකී පැමිණිල්ල ගොනු කොට ඇත්තේ හෝමාගම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට යොමු කරන ලද පැමිණිල්ලක් අනුව අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විසිනි.

අභියාචනාධිකරණයේ නව සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න හා ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම නඩුව විභාග වේ. විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනේහර ද සිල්වා මහතා පෙනී සිටී.

මේ අතර සිංහල කොටියකු ලෙස හැඳින්වෙන ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද විසින් දැමු පැමිණිල්ලක් මත විභාගවෙන නඩුව සඳහා මේ වන විට රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය වෙත වැඩම කර සිටින බව වාර්තා වෙනවා.

Related posts

හෙට සිට විදුලිය කැපෙන වේලාව වැඩි වෙයි

Admin

ගුරුවරයකුට පහර දුන්නැයි කියන ලංකා ගුරු සංගම් සභාපතිට ඇප

colombotoday

දරුවන් දෙදෙනාට නිරුවත් කර ගස් බැද අමානුෂික ලෙස වද දුන් පියා රක්ෂිත බන්ධනාගාරයට.

colombotoday

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

Admin

මම ඡන්දේ දුන්නෙත් මාලිමාවට ඒ වුනාට රිලා මස් කන්න බෑ

Admin

ජාතික ඉන්ධන අවසරපත අද සිට ක්‍රියාත්මකයි | ක්ෂේත්‍ර කිහිපයකට ඉන්ධන දෙන්න නව වැඩපිළිවෙළක්

colombotoday