නවදිල්ලියේ ප්‍රධාන පෙළේ රෝහලකින් අනාවරණය කර ගත් වකුගඩු ජාවාරමේ මහ මොළකරු ශ්‍රී ලංකාවේ,ඉන්දුනීසියාවේ සහ නේපාලයේ එම ජාවාරම ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරයි.
දිල්ලි රෝහලේ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් දෙදෙනෙකු රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් බව වාර්තාවේ.
ටී.රාජ්කුමාර්.රා.ඕ නැමැත්තා මෙම ජාවාරම මෙහෙයවන බවට තොරතුරු හෙළිවී ඇතැයි දිල්ලි පොළිසිය සදහන් කරයි.
මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව දිල්ලි පොලිසිය සදහන් කර තිබේ.