Colombo Today Local NewsTop Stories

එජාප තනි ආණ්ඩුවක්…!! ජනපතිත් එකගයි. නිදහස් පක්ෂ ඇමතිවරු ඉල්ලා අස්වීමට සුදානම්

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුල බහුතර මන්ත්‍රී 106 පෙන්වා තනි ආණ්ඩුවක් පිහිටවීමට සුදානම් බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

අද සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එජාපය පැවති සාකච්චාවකින් පසුව මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර පැවති ගිවිසුම පසුගිය දෙසැම්බර් 31න් අවසන් වූ බැවින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මෙම තීරණය ගන්නා ලෙස ජනාධිපතිවරයා පැවසූ බවයි වාර්තා වෙන්නේ.

එජාප මන්ත්‍රීවරු 96ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර බහුතරය සාදා ගැනීම සඳහා තවත් මන්ත්‍රීධුර 10ක් එජාපයට අවශ්‍ය වේ. ඒ සඳහා දෙමල ජාතික සන්ධානය සමග මේ වන විට සාකච්චා කෙරෙමින් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Related posts

ගෝඨා දරුණු නෑ, බයවෙන්න දෙයක් නෑ – බැසිල්

colombotoday

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිතාසි

colombotoday

බදියුදීන්ගේ සතොස ගොඩනැඟිල්ලේ රහස් කාමරයක්

colombotoday

මානුෂීය මෙහෙයුම සමයේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රටින් පිටවීම තහනම් කරයි !

colombotoday

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

colombotoday

මව්බිමට එරෙහිව ක්‍රිස්තියානි එවැන්ජලික සන්ධානය ඇමරිකාවට බොරු කේලාම් කියයි.

colombotoday