World

දිස්ත්‍රික්ක රැසකට දැනුනු නේපාලයේ භූ කම්පන දෙකක්

නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් යුතුව පළමු භූ කම්පනය හටගෙන ඇති බව මාධ්‍ය වාර්තා කළේය.

ඉන් පැය දෙකකට පමණ පසු රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුතුව දෙවන කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

භූ කම්පනය නේපාලයේ දිස්ත්‍රික්ක රැසකට දැනී ඇති අතර සුළු පසුකම්පන තත්වයක්ද වාර්තා වී තිබේ.

ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.. හිටපු ජනපති අත්අඩංගුවට ගනී

colombotoday

ඇමරිකානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

F-35 ප්‍රහාරක ජෙට් යානා ගැන සැකයක්… භාරගැනීම අත්හිටුවයි

colombotoday

තාවකාලික සටන් විරාමය රුසියාව කඩ කරයි

colombotoday

ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday