Colombo Today Local News

වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට දේශීයව නිෂ්පාදිත විශේෂ රථ 3ක්

ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු, ත්‍රස්තවාදී ක්‍රියා හා විවිධ ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ නව සංකල්පයකට අනුව අයිඩියල් මෝටර් සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කළ විශේෂ රථ 03ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

වෙරළ හා කළපු ආශ්‍රිත භූමි ප්‍රදේශයන්හි සහ ඕනෑම රළු භූමියක නාවික හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පහසුවෙන් භාවිතා කළහැකි අයුරින් නිෂ්පාදනය කර ඇති මෙම රථ (Combat All Terrain Vehicle) ඉදිරියේදී කොළඹ සහ මන්නාරම ප්‍රදේශයන්හි වෙරළ තීර ආශ්‍රිතව සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා යොදා ගැනීමට නියමිතයි.

Related posts

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

colombotoday

නව ව්‍යවස්ථා යෝජනාවල තියන්නේ NGO කාරයන්ගේ අදහස් – මධ්‍යම මහඇමති

colombotoday

සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

සෞඛ්‍යය වර්ජනය අඛණ්ඩව

Admin

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

colombotoday

ගෑස් මෙට්‍රික් ටොන් 7,500ක් රැගත් තවත් නෞකා දෙකක් ළගදීම දිවයිනට

colombotoday