මාරවිල දිසා අධිකරණයේ සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 22 කට අධික මුදලක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණයේ ලිපිකාරියක් හා ලිපිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
අධිකරණ රෙජිස්ටාර්වරිය කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.