Colombo Today Local News

ශෂී වීරවංශට එරෙහි නඩුවේ විභාගය මැයි 2ක

ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය මැයි මස 02 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මියට චෝදනා එල්ලවී ඇත.

මෙම නඩුව අද (28)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එදින විත්තිය සූදානම් නැතත් නඩුව විභාගයට ගන්නා බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා, මේ ආකාරයෙන් කල් ගියහොත් මෙම නඩුව අවසන් කිරීමට නොහැකි වනු ඇති බවත් විවෘත අධිකරණයේදී කියා සිටියේය.

Related posts

ඉන්ධන මිල අඩුකරන්න බැරි හේතුව මෙන්න

Admin

වැට් බදු සංශෝධනයෙන් දුරකථන ඇමතුම් ගාස්තු 50%කින් ඉහළට

colombotoday

අජිත් ප්‍රසන්නගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

colombotoday

රට හීන පෙන්නා මුදල් ගැරූ නියාගම ප්‍රා.ස.හිටපු සභාපතිට වැඩ වරදී

Admin

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයෙකු අත්අඩංගුවේ

colombotoday

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

colombotoday