Colombo Today Local News

මාස 4ක් තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ චලන 9ක්

වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භූ චලන 9 ක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

මාස 4ක් වැනි කාලයක් තුළ මෙවැනි භූ චලන 9 මෙරටින් වාර්තා වූයේ පළමු වරට බව එම කාර්යාංශය සඳහන් කරයි.

ඉන් භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේ සිදු විය.

මෙම භූ චලනවල ප්‍රබලත්වය දැක්වුණේ, මැග්නිටියුට් ඒකක 2 – 4 ත් අගයකයි.

බුත්තල සූරියවැව ආශ්‍රිතව එම භූ චලනවලින් බහුතරය සිදුව තිබේ.

අදාළ භූ චලන සියල්ලේ දත්ත විශේෂ විශ්ලේෂණයකට ලක් කරමින් සිටින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

එම දත්ත ජාත්‍යන්තර දත්ත සමග සංසදනය කිරීමට ද නියමිතව ඇත.

Related posts

අයවැයෙන් වෙන්වුණු රු. මිලියන 600යෙන් නගර නවයක් මේ අවුරුද්දේදී ලස්සන කරන්න සැලසුම්

Admin

හොර පොලිස් නිලධාරීන් 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

Admin

යුරෝපා සංචාරයේදී හිටපු ජනපති මහින්ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

ඒකාබද්ධ විරෝධතාවට වනාතමුල්ලේ දී ජල හා කදුළු ගෑස් ප්‍රහාර

Admin

මියගිය බවට තහවුරු කළ පුද්ගලයෙකුට මෝචරියේ දී පණ එයි

colombotoday