Colombo Today Local News

ඇමැති ගෝලය මැදිහත් වීමෙන් උපකුලපති තෝරන පරීක්‍ෂණයට විරුද්ධව ජනපතිට ලිපියක්

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තෝරාගැනීමට අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ ද මැදිහත්වීමෙන් විශ්ව විද්‍යාල අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිද්දා (28)දින පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය අත්හිටුවන ලෙස ඉල්ලමින් අයඳුම්කරුවන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

එම ඉල්ලීම පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව ද වාර්තා වේ.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණය පසුගිය 11 වැනිදා පැවැත්වීමට නියමිතය තිබුණ ද ඒ සඳහා වන දැන්වීම් නිසියාකාරව ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් කල්දමා ඇති බවත් මීට පෙර පත්වූ උපකුලපතිවරු කීපදෙනෙක්ම ඉහළ නිලධාරියකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් ධූර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස්වී ඇති බවත් දැනගන්නට තිබේ.

Related posts

රත්නපුර සිරිපාගම ප්‍රදේශයට සංචරණ සීමා

colombotoday

දූෂිතයෙක් සභාපති කරයි?

Admin

විමල්ට අදත් ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ් !!

colombotoday

නුගේගොඩ රත් කල අනතුරක් – රියදුරු සහ කොන්දොස්තර පලා යයි

Admin

මෙතක් සොයා නොගත් දුරකථන කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී මතු වේ

colombotoday

සුරකිමු ගංඟා වැඩසටහන ඇරඹේ

colombotoday