Colombo Today Local News

හෙරොයින් වෙනුවට ගෙනා මත් කරල් කිලෝ 34ක් අල්ලයි

තහනම් ඖෂධ තොගයක් සමඟ පුද්ගලයෙකු කාටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හිස කෙස් වර්ණක අසුරුම් තුළ සූක්ෂම ආකාරයෙන් තහනම් ඖෂධ රැගෙනවිත් ඇති බව පොලිසිය පවසයි.

හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයින් විකල්පයක් ලෙස එම තහනම් ඖෂධය භාවිතයට පෙළඹී ඇති බව පොලීසිය පවසයි.

සැකකරු සතුව තිබී කිලෝග්‍රෑම් 34ක බරින් යුත් මත්කරල් 60,460ක ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.

Related posts

පාඨලීගේ රිය අනතුරු නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

ජනපති මැඳුරෙන් සොයාගත් මුදල් අස්ථානගත වීම ගැන නඩුවෙන් වසන්ත මුදලිගේට ඇප

Admin

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 500කින් අඩුවෙයි

colombotoday

කලාපයේ රටවල් අඩු පොලියට ණය ගද්දි ලංකාව ගිනි පොලියට ණය අරගෙන. ඇමති රවී පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

තවත් විල්පත්තුවක් කරන්න යන, මාදුරු ඔය රක්ෂිතයේ වන සංහාරය. (VIDEO)

colombotoday

ධීවර වරායේ මගඩියෙන් රජයට කෝටි 48ක් පාඩුයි.. “හොරු අල්ලන රාජිතගේ” තවත් වැඩක් එළියට !

colombotoday