2022 අප්‍රේල් මස 19 වනදා කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කනදී සිදුවූ මහජන උද්ඝෝෂණයක් අතරතුර පොලිසිය විසින් සිදුකරන ලද වෙඩිතැබීමකදී පුද්ගලයෙකු මරණයට පත්විය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුරකනු ලැබූ පරීක්ෂණයේ අවසන් නිර්දේශය ඊයේ (18)දින පොලිස්පතිවරයා වෙත යොමුකර තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම පරීක්ෂණය බහු විධ ප්‍රවේශයකින් යුත් විශේෂඥයින් කණ්ඩායමකගේ දායකත්වය ලබාගනිමින් සිදුකළ බවය.