Colombo Today Local News

එස්.ටී.එෆ්.පීසී හෙරොයින් සමඟ මාලිගාවත්තේදී අත්අඩංගුවට

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මාලිගාවත්ත පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (17)රාත්‍රියේ අපරාධ නිවාරණ මෙහෙයුම් වල නිරත වෙමින් සිටියදී මාලිගාවත්ත සමාධි විහාරස්ථානය අසල දී සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙම හෙරොයින් ප්‍රමාණය සොයාගෙන ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු නෙල්ලිඅඩි විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයකු බවට හෙළිවූ බව පොලිසිය පවසයි.

සැකකරු කඳවුරෙන් නිවාඩු පැමිණ සිටියදී මෙලෙස හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව ඇත.

Related posts

ගුවන් යානා 2 කින් යුක්රේන සංචාරකයින් 320 ක් දිවයිනට

colombotoday

ලාෆ්ස් ගෑස් මිලට එකවර සිදු වූ දේ

Admin

පාස්කු ප්‍රහාරය – මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි

colombotoday

කොරෝනා මර්දන එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලය වැඩ අරඹයි… යුද සමයේ අතුරුදන්වූවන් සොයා මන්නාරමට යයි

colombotoday

“ජනපති අගමැති ලෝකය දිනුවා.. දැන් ජාත්‍යන්තර බලපෑම් නෑ.. රට නිදහස්” – හෙළ උරුමය

colombotoday