Colombo Today Local News

රාජ්‍ය ආයතන 420ක ලොක්කන් අක්‍රමිකතා ගැන විමසන්න කෝප් කමිටුවට කැඳවයි

විවිධ අක්‍රමිකතා මෙන් ම කාර්ය සාධනය සම්බන්ධයෙන් කරුණු විමසීමට රාජ්‍ය ආයතන 420ක් වහා ම ක්‍රියාත්මක වන පරිදි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත (කෝප් කමිටුවට) කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අනුව, රාජ්‍ය ආයතන 420ක ප්‍රධානීන් මෙසේ එම කාරක සභාව (කෝප් කමිටුව) කැඳවීමට යයි.

මේ අතර, තවත් රාජ්‍ය ආයතන හතරක් ඉදිරි සතියේදී කෝප් කමිටුව හමුවට කැඳවන බව ත් එම රාජ්‍ය ආයතන ලෙස ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙයි.

එම ආයතනවලින් ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුව හමුවට මෙයට පෙරද කැඳවා තිබූ බවත් එම ආයතනවල කටයුතු පිළිබඳව පසුවිපරම් කිරීම සඳහා ඒවා නැවත මෙසේ කැඳවන බවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩිදුරට ත් සදහන් කරයි.

Related posts

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනයක

Admin

ජවිපෙ 20 සම්මතවුණොත් ජනපති අර්ජුන් අලෝසියස්

colombotoday

නාවික හමුදාව නැගෙනහිර මහ ඇමතිට නිල වශයෙන් විරෝධය දක්වයි

colombotoday

මහියංගනය, මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට

colombotoday

ISIS ත්‍රස්තවාදීන් භාවිතා කරන Captagon-Fenethylline මත්පෙති තොගයක් මඩකලපුවෙන් මතුවෙයි !

colombotoday