සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
නීති විරෝධි මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ලබන 31 වැනි දා දක්වා දීපව්‍යාප්තව එම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
1913 විශේෂ දුරකතන අංකයට සුරා බදු වැරදි සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දිය හැකි බව ද දෙපාර්තමේන්තුව සදහන් කරයි.