World

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට පැමිණීම රත්තරන් කරත්තෙන්

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා යොදාගන්නා අශ්ව කරත්තය සම්බන්ධයෙන් බකිංහැම් මන්දිරය අනාවරණය කර තිබේ.

වසර 1,000ක් පැරැණි රාජකීය සම්ප්‍රදාය අගයමින් පැවැත්වෙන උත්සවය සඳහා චාල්ස් රජු සහ රැජින පැමිණීමට නියමිතව ඇත්තේ වසර 260ක් පැරැණි රනින් කළ අශ්ව කරත්තයෙනි.

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන මැයි මස 6වනදාට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් බකිංහැම් මන්දිරය ලහි ලහියේ සූදානම් වෙමින් සිටින අතරතුර රාජාභිෂේක උත්සවය සම්බන්ධ විවිධ පුවත් මේ වනවිට වරින් වර වාර්තා වෙමින් පවතී.

රාජභිෂේකයෙන් අනතුරුව නව රජු සහ රැජින මෙම රාජකීය අශ්ව කරත්තයෙන් ගමන් ගන්නා බව වාර්තා වේ.

චාල්ස් රජුගේ රාජාභිෂේකය ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානය තුළ පැවැත්වීමට නියමිතව පවතී.

රාජකීය යුවළ ඒ වෙත රැගෙන යාම සඳහා යොදාගැනීමට නියමිතව ඇත්තේ දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජකීයත්වයේ 60 වැනි සමරුවේදී යොදාගත් දියමන්ති ජුබිලි අශ්ව කරත්ත යයි.

ඕක් ලීයෙන් කළ මෙම රථයේ ඇතුළත නිර්මාණය කර ඇත්තේ ඓතිහාසික ගොඩනැගිලි සහ මන්දිරවල ආකෘති ආශ්‍රයෙනි.

වෙස්ට්මින්ස්ටර් ඇබේ හි පැවැත්වෙන උත්සවයෙන් පසුව ආපසු චාල්ස් රජු සහ කැමිලා රැජින බකිංහැම් මන්දිරය වෙත පැමිණීමට නියමිතව ඇත්තේ කිලෝ මීටර් 7.2ක් තරම් වූ වඩාත් දිගු මාර්ගයක් ඔස්සේ බව වාර්තා වේ.

ඊට යොදා ගන්නේ වසර 261ක් පැරැණි රනින් කළ අශ්ව කරත්තයකි.

මේ කරත්තය නිර්මාණය කර ඇත්තේ 1762 වසරේදී එනම් තෙවැනි ජෝර්ජ් රජුගේ සමයේදී ය.

1831 වසරේදී හතරවැනි විලියම් රජු විසින් එම කරත්තය සිය රාජාභිෂේකයට යොදාගෙන තිබේ.

එතැන් පටන් බ්‍රිතාන්‍ය යේ පැවති සෑම රාජාභිෂේක උත්සවයක් සඳහාම මෙය යොදාගෙන ඇති අතර එය සැලකෙන්නේ එරට පැරැණිම රාජකීය අශ්ව කරත්තය ද ලෙසය.

මීටර් 7ක් දිගින් යුතු මේ අශ්ව කරත්තය මීටර් 3.6ක උසින් යුතු වන අතර බරින් ටොන් 4ක් පමණ වන බව වාර්තා වේ.

නිල වාර්තාවන්ට අනුව එය ඇදගෙන යාමට අශ්වයින් 8 දෙනෙකු අවශ්‍ය වේ.

Related posts

සූචී නිවාස අඩස්සියට ගෙන මියන්මාර හමුදාව යලි රටේ බලය අල්ලා ගනී. වසරක හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.

colombotoday

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට

colombotoday

ගාසා තීරයේ එකම පිළිකා රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක්

Admin

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

Admin

යුක්‍රේන ජනපති යුද ආධාර ඉල්ලා අමෙරිකාවට

Admin

පෝලන්තයට වැටුණු මිසයිලයෙන් ලොවම කැළඹෙයි – ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්

Admin