Colombo Today Local News

පී.සි ට පහරදුන් වැලිඅමුනේ හිටපු ප්‍රා.ස.මන්ත්‍රීට වැඩ වරදී

වත්තල ඇලකන්ද හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකුට නිල ඇඳුමෙන් ඇද පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය පවසයි.

සැකකරුගේ පහරකෑමට ලක්ව තුවාල ලබා ඇත්තේ වත්තල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි (103409) සන්දිප් නමැති කොස්තාපල්වරයා බවත් ඔහු රාගම නේවාසික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හැඳල වැලිඅමුණ පාරේ පදිංචි හිටපු ප්‍රාෙද්ශිය සභා මන්ත්‍රීවරයෙකි.

වත්තල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු ඊයේ(10) රාත්‍රියේ බීට්ටු සංචාරක රාජ රාජකාරියේ යෙදී සිටියදී හැඳල හන්දිය අසල යතුරුපැදියක් අනාරක්ෂිත හිස්වැසුම් නොමැතිව ගමන් පැමිණි පුද්ගලයකු නවතා පරික්ෂා කිරීමේදී ඔහු බීමතින් සිටි බවට අනාවරණය වීමෙන් අනතුරුව සඳ හන්දියේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් සන්දීප් මහතාට ඒ බව දැනුම් දී ඇත.

එම දැනුම් දැනුම්දීම අනුව පොලිස් කොස්තාපල් සන්දීප් මහතා එම ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ නිලධාරියාට පරුෂ වචනයෙන් බැණ වැදී ඔහුගේ නිල ඇඳුමෙන් ඇද පහර දී ඇත.

මේ සම්බන්ධයෙන් වත්තල පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

මේ ව්‍යවස්ථාව හදන්නේ හුසේන්ගේ උවමනාවටයි.. 13ත් අහෝසි කළ යුතුයි !

colombotoday

ලොතරැයි පත් අලෙවිය සියයට 40කින් පහළට

colombotoday

ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය දක්වමින් දකුණේ මන්ත්‍රී තිරික්කලයෙන් එයි

colombotoday

ලංකාවෙන් ලෝකයට යන පළමු UAV ගුවන් යානය මෙන්න !

colombotoday

ආණ්ඩුව මන්ත්‍රී වාහනේ බරත් ජනතාවට පටවන්න හදනවා

Admin

අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් අපවත් වෙති

Admin