Colombo Today Local News

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ස්ථාන මාරුකිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම අදාළ ස්ථාන මාරුකිරීම් සිදුවනු ඇති බව වාර්තා වේ.

වයඹ, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු මෙලෙස ස්ථාන මාරුවනු ඇති බව සඳහන්.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, රජිත ශ්‍රී දමින්ද, අජිත් රෝහණ සහ සජීව මැදවත්ත යන මහත්වරුන් මෙලෙස ස්ථාන මාරුකිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම පුත්තලම, කොළඹ අපරාධ කොට්ඨාශය, මානව සම්පත් කලමනාකරණ කොට්ඨාශය සහ පොලිස් දුක්ගැනිවිලි යන ඒකක භාර නිලධාරීන් ද ස්ථාන මාරු කරනු ඇති බව ද සදහන් වේ.

Related posts

දිනේශ් ශාෆ්ටර්ගේ මළ සිරුර ගොඩ ගනී

Admin

ජනපති මිලිටරි පාලනයක් හදන්න යනවාදැයි මට සැකයි – එජාප මන්ත්‍රී වෙදආරච්චි කියයි

colombotoday

ඇවන්ගාඩ් සිද්ධිය යට ගහන්න නීතිපතිට බලපෑම් කළේ නෑ – ඇගමැති රනිල්

colombotoday

තවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි.. ප‍්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ

colombotoday

ඥානසාර හිමිට හෝමාගම අධිකරණයෙන් දඬුවම් නියම කිරීම අනිද්දා

colombotoday

ගෑස් ලිප පිපිරීමට බයේ තරුණියක් උඩුමහලෙන් පනී

colombotoday