Colombo Today Local News

ෆොන් එක කනේ තියන් ගිය ආබාධිත තරුණ‍යෙකුගේ කන කපලා

තියුණු ආයුධයකින් කන් පෙත්තක් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු අද (09)දින මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ, මඩොල්සිම කුරුවිගොල්ල ගම්මානයේ පදිංචි අවුරුදු 29ක ආබාධිත තරුණ‍යෙකි.

මෙම තරුණයා තම ජංගම දුරකථනයට ලද ඇමතුමකට පිළිතුරු දෙමින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි තවත් පුද්ගලයකු ජංගම දුරකතනය කනේ ගසාගෙන යෑමට විරෝධය පළ කරමින් ඔහුට පහරදී ජංගම දුරකථනය තිබූ කන්පෙත්ත සිය අතෙහි වූ පිහියෙන් කපා දමා ඇත.

තුවාල ලැබූ තරුණයා ආබාධිත තරුණයකු වන අතර කන්පෙත්ත කපා දැමීමෙන් නොනැවතුණු සැකකරු තමුන්ට අතින් පයින් පහර දුන් බව ද සදහන් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ අයගේ මව විසින් මඩොල්සිම පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇති අතර මඩොල්සිම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

හදිසි නීතීය / ඇඳිරි නීතිය පැනවීමට රජය හේතු කියයි

colombotoday

මෙරට දරුවන් දහසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී හමාරයි

colombotoday

ආයතන 12ක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

colombotoday

ජාතික ආරක්ෂාව කමිටුවෙන් සරත් ෆොන්සේකා ඉවත් වෙයි

Admin

පොලිස් ලොක්කෙක්ගේ VPN ජාවාරමක් ගැන දේශබන්ධුගේ උපදෙස් මත විමර්ශන අරඹයි

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක්

colombotoday