Colombo Today Local News

පොලිසියට තග දා සූදූ කෙළි කැරලි මර්දනයේ පී.සී අත්අඩංගුවට

කන්තලේ වෙන්ඩ්‍රාසන් පුර යුනිට් 14 ප්‍රදේශයේ ඇති කැලෑවක මුදල් ඔට්ටුවට සූදුක්‍රීඩාවේ යෙදුණු පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව කන්තලේ පොලිසිය පවසයි.

වැටලීම සිදු කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පොලිස් කොස්තාපල්වරයා අතින් පයින් පහර දුන් බව පොලිසිය කියයි.

මෙම සැකකාර කොස්තාපල්වරයා පොලිස් නිලධාරීන් සමඟ පොර බැඳීම නිසා පොලිස් අත්අඩංගුවට ගෙන සිටිපුද්ගලයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් පුවත් පතකට පවසා තිබේ.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ද මුදල් ඔට්ටුවට සුදු කෙළි මින් සිටියේයැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල් වරයා ළඟ අන් අය සතු රියදුරු බලපත්‍ර දෙකක්ද තිබී පොලිස් භාරයට ගෙන ඇත. මොහු බීමතින් සිටි බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා සදහන් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා හබරණ පොලිසියට අනුයුක්තව හිඟුරක්ගොඩ පොලීසියේ කැරළි මර්දන අංශයේ සේවයේ යොදවා සිටි අයෙක් බවද පොලිසිය පවසයි.

Related posts

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමට අනුමැතිය

Admin

විගණකාධිපතිගේ වැඩ ආණ්ඩුවේ හොද නමට කැළලක්ලු.. ඉවත් කරන්න නැවතත් කැරැළ්ලක් !

colombotoday

අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 ට රජයෙන් සීල් තියලා !

colombotoday

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කිරීමට හමුදාපතිට බලපෑම් කර ඇත්තේ බදියුදීන්…

colombotoday

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා රිෂාඩ් ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday