බුදු රජාණන් වහන්සේගේ සිරසේ රුව දැක්වෙන ඇදුමක් හැද නුවර එලිය ග්‍රෙගරි වැව ආසන්නයේ සිටි ඉන්දියානු ජාතික කාන්තාවක් ප්‍රදේශවාසීන් සහ ස්වාමින් වහන්සේලා පිරිසක් එක්ව අද (21) සවස නුවරඑළිය පොලිසියට බාරදී තිබෙනවා.
මේ පිලිබදව අප බොදු බල සේනා සංවිධානයෙන් විමසීමක් කරන ලද අතර සංචාරයේ පැමිණි පුද්ගලයින් මේ පිලිබදව සංවිධානය දැනුවත් කර ඇති බවත් මේ වනවිට අදාළ කාන්තාව නුවර එලිය පොලිසිය වෙත ගෙනැවිත් පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන බවට නුවරඑලිය පොලිසියෙන් සිදුකල විමසීමකදී සඳහන් කර සිටි බවත් ප්‍රකාශ කළා.