Colombo Today Local News

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට තීරණයක්

මිනිස් ජාවාරම වැලැක්වීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශ නීති දැඩි කරමින් කාර්යාංශ පනතට නව සංශෝධන එක් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ නීරීක්ෂණ ගැනීම ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ආරක්‍ෂා කිරීමේ සහ මිනිස් වෙළෙදාම වැලැක්වීමේ උපක්‍රමයක් ලෙස රැකියා සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්කරණ ක්‍රියාවලියකින් දත්ත පද්ධතියක ගබඩා කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කළ බවයි එම කාර්යංශය පවසන්නේ.

ඒ අනුව පුද්ගලයන්ගේ ශරීර අංග සහ ලක්‍ෂණ නවීණ තාක්‍ෂණය හරහා දත්ත පද්ධතියක ගබඩා කරන බවත් ඇස්, ඇඟිලි සලකුණු සහ වෙනත් ශරීර ලක්‍ෂණ ලබාගන්නා බවත් එම කාර්යංශය පවසයි.

Related posts

ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට ඇමති ප්‍රසන්න තීරණය කරයි

colombotoday

සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් තොග වෙළෙඳාමට විවෘතයි.

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාර දෙකක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හිටපු ජනපති මිය‍ගොස් ඇති බව සිසුන්ට කියයි !

colombotoday

සජිත්,රවී,නවීන්,අකිල,ගයන්ත,හරීන්,හලීම්,මනෝ වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයට පත් කර නෑ – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

colombotoday

කෙසෙල්වත්තේ දිනුකගේයැයි සැක මළ සිරුරක් කටුනායකට

colombotoday