Colombo Today Local News

ව්‍යාජ වෙබ් අඩවියක වීසා ජාවාරමෙක් කොටු වෙයි

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ඉන්දියන් වීසා ආයතනයේ අනුශාඛාවක් මහනුවර පොලිස් වසමේ ගොපල්ලව මාවත ප්‍රදේශයේ පිහිටා ඇති අතර එම ආයතනයේ තොරතුරු සඳහන් කර වෙබ් අඩවියක් අදාළ සැකකරු විසින් සකසා ඇත.

එමගින් ව්‍යාජ හා වංචා සහගත ලෙස පුද්ගලයන්ගෙන් කලක සිට වීසා නිකුත් කිරීම සඳහා මුදල් ලබාගන්නා ලද සැකකරු මාර්තු 28 වනදා සවස් කාලයේ දී වත්තේගම ප්‍රදේශයේ දී ලැප්ටොප් යන්ත්‍රය සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වූ පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අන්අයෙකු ලෙස පෙනීසිටීම, වංචා කිරීම, බුද්ධිමය දේපළ පනත යටතේ සිදුකර ඇති වැරදි හා පරිගණක අපරාධ පනතේ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

වකුගඩු ජාවාරම් චෝදනාව: ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීමට ඉන්දියාවේ කුමන්ත්‍රණයක් !

colombotoday

දයාසිරි සහ රවී පැටලේ – කැබිනට් රැස්වීම නොසන්සුන්

colombotoday

දුමින්ද, ලසන්ත, මහින්ද ඉවත් කිරීමට විරුද්ධව අතුරු තහනමක්

Admin

ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන ලොක්කාගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

Admin

අධිකරණයට බාරවූ හිරුණිකාට ඇප

colombotoday

ක්‍රීඩකයන්ට දුන් තෑග්ගට සල්ලි ඉල්ලා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියෙන් රතු නිවේදනයක්

Admin