Colombo Today Local News

සාරා ජස්මින් මියගිය බව DNA හරහා තහවුරු කරයි

2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ආරක්ෂිත නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් මියගිය තැනැත්තන් අතර සාරා ජස්මින් ද සිට ඇති බව තහවරු වී තිබේ.

එම සිද්ධියෙන් මියගිය තැනැත්තන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය ද සිටින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් තහවුරු වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඒ තුන්වන වරට ලබාගන්නා ලද සියුම් සාම්පල සම්බන්ධව සිදුකරන ලද DNA පරීක්ෂාවේ දී ය.

නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දෙන්නේ, පුලස්තිනී මහේන්ද්‍රන්ගේ මවගෙන් ලබාගන්නා DNA සාම්පල සමග බෝම්බ පිපිරීම සිදුවූ ස්ථානයේදී සොයාගන්නා ලද අස්ථි කොටස්වල DNA සාම්පල මවක සහ දරුවෙකු අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිඵලයක් බවත් එය සියයට අනූනවයයි දශම නවයයි නවයක් බවට තහවුරු වී ඇති බවත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් තහවුරු වන බවය.

Related posts

අපි ව්‍යාපෘති කලාට මහජනතාව ඒ ගැන දන්නේ නෑ.. ඒක හරිම ඛේදවාචකයක්. – සගලගෙන් මාධ්‍ය අමාත්‍යංශයට චෝදනාවක්?

colombotoday

2021 දක්වා, අවුරුදු හයම ඉන්න පුලුවන්දැයි ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි…

colombotoday

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

colombotoday

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිපලය විශ්වාස නැහැ අපි අධිකරණයේ පිහිට පතනවා..- අමිත් වීරසිංහ කියයි

colombotoday

මහින්දගේ මූණ පෙන්වා පාර්ලිමේන්තු ආ ඒකාබද්ධ විපක්ෂයටත් ගමට යන්න බැරිවෙයි

colombotoday

සිංහරාජය අවට වන ගහනය පවතින පෞද්ගලික ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට තීරණයක්

colombotoday