Colombo Today Local News

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම භාණ්ඩ අඩු කළ මිලට අද (24)දින සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 120කින්, සුදු ලූණු සහ හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 25 බැගින්, කඩල කිලෝවක් රුපියල් 15 කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 12 කින්, දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 11කින්, ටින් මාළු (ග්‍රෑම් 425), ලොකු ලූණු සහ අර්තාපල් කිලෝවක් රුපියල් 10 බැගින් සහ වටානා පරිප්පු කිලෝවක් රුපියල් 7කින් අඩු කළ බව ද සතොස කියයි.

ඒ අනුව වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,380 කට, සුදු ලූණු කිලෝවක් රුපියල් 450 කට, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1,100 කට, කඩල කිලෝවක් රුපියල් 555 කට, සුදු සීනි කිලෝවක් රුපියල් 205 කට, දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 199 කට, ටින් මාළු ග්‍රෑම් 425 ටින් එකක් රුපියල් 520 කට, ලොකු ලූණු කිලෝවක් රුපියල් 119 කට, අර්තාපල් කිලෝවක් රුපියල් 270 කට සහ වටානා පරිප්පු කිලෝවක් රුපියල් 298 කට මිලදී ගත හැකි බව ද සතොස සදහන් කරයි.

Related posts

මහා ගංවතුරක්

Admin

යාපනේ වෙසක් උත්සවය සැමරීම නිසා සිවාජිලිංගම් කෝප වෙයි

colombotoday

පොලිසියේ 1000ක් සීරුවෙන්.. ක‍්‍රිකට් ඉතිහාසයේ මුල් වරට පේ‍්‍රමදාස පිටියේදී අද සිදුවන දේ මෙන්න

colombotoday

වසර තුනහමාරටකට පසුව වැඩිම සංචාරකයන්ගේ පැමිණීම නොවැම්බරයේ

Admin

20 සම්මත කරන්න ආණ්ඩුව 2/3 තිබෙනවා..අප අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නවා..- සමස්ත ලංකා මහජන කොංග්‍රසය කියයි

colombotoday

අයිස් ළඟ තබා ගත් ආච්චි පොලිසියට මාට්ටු

colombotoday