Colombo Today Local News

ආරක්ෂාවට ඇදක් වටා සවිකර තිබූ වැට මාස හතේ සිඟිත්තියට මරු කැඳවයි

ඌවපරණගම මස්පන්න ගම්මානයේ නිවසක ඇදක් වටා සවිකර තිබු ලී වැටක සිරවීමෙන් මාස හතක දැරියක් මියගොස් තිබේ.

මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි හර්ෂනී මධුෂිකා නැමැති වයස මාස හතක දැරිය නිවසේ ඇදෙන් වැටී ආවරණ ලී වැටේ සිරවීමෙන් සිදුවු අනතුරින් මියගෙස් තිබෙන බව පොලිසිය කියයි.

මියගිය දරුවාගේ මව නිවසේ වැඩ කටයුතු වල නිරතව පසුව දරුවා නිදා සිටි ඇද ළගට පැමිණෙන විට දරුවා ඇද වටා තිබෙන ලී වැටේ සිරවී සිටියදි එයින් මුදවාගෙන ඌවපරණගම වැවේගම රෝහලට ගෙන ගියාත් ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බව පොලිසිය කියයි.

මියගොස් සිටි දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා දියතලාව මුලික රෝහලට යොමු කර තිබෙන අතර ඌවපරණගම පොලිසිය සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

දුප්පත්කම නැති කරන්න ජනාධිපති කාර්යසාධක බලකායක් !

colombotoday

රුසියා භූමි හමුදා ප්‍රධානී හෙට දිවයිනට

colombotoday

රිලවුන් ඉල්ලුවේ පෞද්ගලික සමාගමක්… චීන රජය ඍජුවම සම්බන්ධ වූයේ නැහැ – කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කියයි

Admin

වයඹ මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස දේශපාලන ප්‍රබලයන්..- බුද්ධි අංශ රජයට කියයි..

colombotoday

නිල ඇඳුම් වවුචර්ය ගැන අධ්‍යාපන ඇමතිගේ අලුත් තීරණය…

colombotoday

“අමුත්තන්ගේ රාත්‍රිය” නමින් හොරුන්ගේ මෙහෙයුමක්.

colombotoday