අප්‍රේල් මස මුල සිට කිරිපිටි මිල ගණන් පහත දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබේ.
ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල පහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් හා ග්‍රෑම් 400 ක මිල රුපියල් 80 කින් පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.