Colombo Today Local News

මගින් හතළිහකට අධික පිරිසක් සිටිද්දී හොරණ බසයක් ගිනි ගනී

හොරණ රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද(21)දින පෞද්ගලික බස් රථයක් හිටි හැටියේ ගෙන් ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.

ගින්න හට ගැනීමත් සමගම මගින් පිටතට පැන දිවි බේරාගෙන ඇත.

රත්නපුර සිට පානදුර දක්වා මගීන් රැගෙන යමින් තිබූ බස්රථය හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිට බස් නැවතුමේ නවත්වා මගීන් රැගෙන යළි ගමන් ආරම්භ කිරීමත් සමගම මෙම ගිනි ගැනීම බස් රථයේ ඉදිරිපස කොටසින් ඇතිවූ දුමාරයත් සමඟ හටගෙන ඇතැයි පොලිසිය කියයි.

බස්රථයේ එම අවස්ථාවේ මගින් හතළිහකට අධික පිරිසක් සිට ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදු වී නැත.

හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

බස් රථයේ රෝද හතර හැරෙන්නට අනෙක් සියලුම උපාංග විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවට සිතිය හැකි යැයි පොලීසිය කියයි.

හොරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

ප්‍රභූන් පිරිසක් කොරෝනා චීන එන්නතක් විද ගනී.

colombotoday

ආණ්ඩුකාරවරු සිව්දෙනෙක් 18 තෙක් නිවාඩු ගන්වන්න – මහින්ද දේශප්‍රිය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

රාමසාන් කාලේ පල්ලිවල කැඳ නෑ

colombotoday

රත්තරන් මිල ඉහළට

Admin

කැකිරාවේ ව්‍යාපාරිකයන් දෙවියන් යදින්නේ වෙනම තැනක… සැකකටයුතු ලියවිල අත්අඩංගුවට…

colombotoday

හබරාදූව ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි

colombotoday