ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන ණය පහසුකම පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ දූෂණ විරෝධය හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිය අරමුදල ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැදගත් කරුණු දෙකක් බවයි.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකරන බවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ ය.