ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී තමා නොතකා කටයුතු කරන්නේ නම් ඇමැතිකමින් අස් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වීමට තමා සූදානම් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ලංකාදීපය ට පැවැසීය.
හිටපු ජනාධිපතිනියගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය සහා සංහිඳියාව සඳහා වූ කාර්යාලය තම අමාත්‍යංශ කටයුතුවලට දිගින් දිගටම ඇඟිලි ගසමින් සිටින බවට චෝදනා කළ හෙතෙම සියල්ල ඉවසා සිටීමට තමා පඹයෙකු නොවන බව කීය.
තම අමාත්‍යංශය තිබියදී ජාතික සංහිඳියාවට වෙනම කාර්යාලයක් අවශ්‍ය නැති බවත් මේ සම්බන්ධයෙන් මැදිහත් වී කඩිනම් පියවරක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද ගනේෂන් මහතා වැඩිදුරටත් පැවැසීය.