Colombo Today Local News

උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු දින 22ක් පමා වෙලා

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු දින 22කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි

පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මේ කටයුතු අඩාල වී ඇති බව ද හෙතෙම සදහන් කරයි.

විශ්වවිද්‍යාල අචාර්යවරුන් ඇතුළු සියලු ම විභාග පරීක්ෂකවරුන් සඳහා දීමනා වැඩි කරනු ලැබුව ත් මෙතෙක් ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් සහභාගි නොවූ බව ද ඔහු පවසයි.

ගුරුවරුන් විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂාව සඳහා සහයෝගය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වන බවත් දරුවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයද ප්‍රමාද වන බව ත් ඔහු පවසයි.

එසේ ම, සිය සංගමයේ ඉල්ලීම්වලට සවන් නොදෙන්නේ නම් තවදුරටත් පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතුවලට සම්බන්ධ නොවන බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බැන්නැහක වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

අමරවීර-දුමින්ද මහලේකම් ධුරවලින් ඉවත් කරන්න මධ්‍යම කාරක සභාවට යෝජනාවක් !

colombotoday

කොවිඩ් ආසාදිතයින් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ තීරණයක්.

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු තිදෙනෙකුට රටින් පිට වීම වළක්වමින් අධිකරණ නියෝගයක්

colombotoday

බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ට මඩකලපුව සම්බන්ධීකරණ කමිටු සම සභාපති තනතුර

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !

colombotoday

නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ මැදපෙරදිග රාජ්‍යන් සිට පැමිණි පුද්ගලයින්ගෙන් : යුද හමුදාපති

colombotoday