Colombo Today Local News

හිටපු එල්ටීටීඊ සාමාජිකාවක්, ව්‍යාජ ලේඛණ සකසා රට යැවූ කොස්තාපල් අත්ඩංගුවට

කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටී සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකාවක්, ව්‍යාජ ලේඛණ සකස් කර විදේශ ගත කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකාව විදේශගතව සිට නැවත ලංකාවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළි වූ කරුණු අනුව ඉහත කොස්තාපල් අත්අඩංගුවට ගෙන ඇත.

කොක්කඩිචෝලේ පදිංචි මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකාවට වැල්ලවත්තේ ලිපිනයකට ව්‍යාජ ලේඛණ සකස් කර, විදේශ ගත කිරීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල් කෙසෙල් වත්ත පොලීසියට අනියුක්තව රාජකාරි කළ අයකු බව බවද වාර්තා වේ.

Related posts

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!

colombotoday

ව්‍යාජ රන් අලෙවි කිරීමට තැත් කළ 6 දෙනෙකු අත්අඩංගුවේ.

colombotoday

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

Admin

හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්

Admin

මේ වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉස්ලාම් ත්‍රස්තවාදය නිමා කරනවා – ගෝඨා රොයිටර් පුවත් සේවය කියයි

colombotoday

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

colombotoday