Colombo Today Local News

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කෙරේ

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව පවතින නඩුවටක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (13)දින වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

ඉකුත් 2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණයක් කල බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න යන අයවලුන් මෙහි අනෙකුත් විත්තිකරුවෝ වෙති.

Related posts

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රන්ජන්ගේ හඩපට පිටුපස සැගවුණු ජාත්‍යන්තර න්‍යායපත්‍රයක් !

colombotoday

පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයි

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin

“අසාධ්‍යයි“.. වෙබ් අඩවි කියද්දී ජනපති තරු හෝටලේ මුසම්මිල්ගේ පාටියේ

colombotoday

අතුරුදන් කියූ ප්‍රබල කොටි 200කට යුරෝපා රැකවරන.. ලංකාවට තොරතුරු දීම ප්‍රතික්ෂේප කරයි !

colombotoday