Colombo Today Local News

ඇල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 7 කින් පරදී

එක්වරක් පරාජයට පත්ව තිබූ ඇල්ල ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප්‍රාදේශීය සභා මහ සභා රැස්වීමේදී දෙවන වතාවටද අද (27)දිනයේ වැඩි ඡන්ද හතකින් පරාජය විය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැන් විසි එකකින් සමන්විත ඇල්ල ප්‍රාදේශීය සභාවේ එත්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරැන් හත්දෙනා පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරැන් හත්දෙනා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරන් පස්දෙනාද , ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයාද, ස්වාධීන කණ්ඩායම අංක එක මන්ත්‍රීවරයාද අයවැයට විරැද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති බී.එම්. උදයජීව බංඩාර මහතා විසින් මීට පෙර ඉකුත් 18 වන දින 2021 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප්‍රාදේශීය සභා මහ සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව පරාජයට පත්වීමෙන් නැවත එම අයවැය සංශෝධනය කර අද (27)දින සභාවට ඉදිරිපත් කර තිබිණි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුව මෙම සභාව පිහිටුවා තිබූ අතර සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ .එම්. උදයජීව බංඩාර මහතා ද උප සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊ.ඩී. පියදාස මහතාද කටයුතු කළහ.

Related posts

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday

මමත් සිංහලේ තමයි – ඇමති හරීන්ට අම්මා තාත්තා මතක්වී කියයි

colombotoday

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Admin

රූපලාවන්‍ය ව්‍යාපාරයටත් ඉන්දියානු බැල්ම.. ඉන්දියානු රූපලාවන්‍යාගාර රටපුරා අරඹයි !

colombotoday

තවුහිඩ් ප්‍රධානියා අබ්දුල් රාසික්. වහාම අත්අඩංගුවට ගන්න – ඥානසාර හිමි

colombotoday

යාපනේදී පොලීසියට ප්‍රහාරයක්.. ගිණි අවි පැහැර ගන්න හදලා !

colombotoday