Colombo Today Local News

යල් පැන්න බන්ධනාගාර පනත් සංශෝධනයට පියවර

යල් පැන ගිය ඇතැම් බන්ධනාගාර පනත් ගැළපෙන පරිදි සංශෝධනයට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

පාදුක්ක වටරැක බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දැනට පවතින බන්ධනාගාර අණ පනත් 1939 වසරේ හඳුන්වා දුන් ඒවා වන බැවින් එම පනත් යාවත්කාලීන කරන ලෙස උපදෙස් ලබාදුන් අධිකරණ අමාත්‍යවරයා පසුගියදා සම්මත කළ නව පුනරුත්ථාපන පනත මගින් සිරකරුවන් හා මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් සම්බන්ධව පුර්ණ පරිවර්තනයක් සහිත වැඩපිළිවෙළක් ආරම්භ කරන බව සඳහන් කර තිබේ.

Related posts

කුරුදු, ගම්මිරිස් සහ කරාබුනැටි මිල යලිත් ඉහළට

colombotoday

අපනයනය කෙරෙන ඉළෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙරටදීම ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ යෝජනාවක්

colombotoday

ආණ්ඩුව බැරිකම වහගන්න රාජ්‍ය සේවකයන්ට චෝදනා කරනවා

Admin

පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරයෙකු බීමතින් අහසට වෙඩි තියලා

Admin

ස්මාර්ට් ජංගම දුරකථන අධිකව භාවිත කිරීම හේතුවෙන් විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පවසයි.

colombotoday

JVP බෝඩ් ලෑල්ල ගහගෙන බදු නොගෙවා මගහරින්නේ කොහොමද – දිලිත් කුරුණෑගලදී අනුරගෙන් අසයි

colombotoday