World

තුර්කි භූ කම්පන වලින් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට

තුර්කි භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 8000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 40,000 ක් පමණ තුවාල ලබා තිබේ.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් විදෙස් රටවල ද සහය මත අඛණ්ඩව ක්‍රියාත්මක බව තුර්කි බලධාරීන් සඳහන් කරයි.

ගලවාගැනීමේ මෙහෙයුම්වලට පවතින දැඩි සීත කාලගුණය දැඩි බලපෑම් එල්ල වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගසය, නේටෝ ඇතුළු සංවිධාන මෙන්ම අමෙරිකාව, එක්සත් රාජධානිය, චීනය, රුසියාව, ඉන්දියාව, ජපානය , ඉරාකය, ඉරානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ග්‍රීසිය, පකිස්ථානය ඇතුළු ලොව බොහෝ රටවල් මේ වනවිට තුර්කියේ සහ සිරියාවට සහන සැලසීමට එක්ව සිටී.

තුර්කි වේලාවෙන් පෙරේදා (06) අලුයම පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සිදුවී පැය 12කට පසුව සුළු පසුකම්පනවලට අමතරව ප්‍රබල පසු කම්පනයක් ද වාර්තා විය.

Related posts

ඩුබායි ගිනිගද්දී සෙල්ෆි ගහලා

colombotoday

රුසියාව ස්පුට්නික් V ලබාදීම අරඹයි

colombotoday

කාන්තාවන්ට අනතුරුදායකම රට ඉන්දියාව.. ඇමරිකාව 10 වැනි තැනට

colombotoday

හිටපු ඉන්දීය ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයට සෞදි රජයෙන් ඩොලර් බිලියන ගණනක් !

colombotoday

පැරිස් නුවර සිට පැමිණි ඊජිප්තු ගුවන් යානයක් අතුරුදන්

colombotoday