Colombo Today Local News

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (8)පෙරවරු 10.00 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව හෙට(9) දිනය දක්වා කල් තැබෙනු ඇත.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ විදේශ තානාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු අමුත්තෝ රැසක් සහභාගී වෙති.

උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පාර්ලිමේන්තුව නිලධාරීහු පවසති.

Related posts

ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටි

colombotoday

යුගදනවි පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට

colombotoday

“අර්ජුන් මහේන්ද්‍රන්ගේ නියෝගය නිසා බිලියන 10යේ ලංසුවට අනුමැතිය දුන්නා” හිටපු අධිකාරිනිය කියයි

colombotoday

සප්‍රයිස් ලොක්ඩවුන් වසංගත විද්‍යාවට විරුද්ධයි. ලොක්ඩවුන් රැල්ලක් ඇති වෙන්න පුළුවන්

colombotoday

බොරු මැණික් පෙන්වා රන් හුවමාරු කළ තුනකට වැඩ වරදී

Admin