Colombo Today Local News

තුර්කියට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300ක් පිටත්ව යාමට සූදානම්

තුර්කියේ සහන සේවා සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300කගෙන් සමන්විත පිරිසක් පිටත්ව යාමට සූදානම් බව යුද හමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා මේ බව පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවය.

මෙම පිරිස යුද හමුදාවේ වෛද්‍ය නිලධාරීන් සහ ඉංජිනේරු බලකායේ නිලධාරීන්ගෙන් සමන්විතය.

මේජර් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් දිවයිනෙන් පිටව යාමට නියමිත මෙම කණ්ඩායමට බ්‍රිගේඩියර්වරයෙකුද අනුයුක්ත බව යුද හමුදාව වැඩිදුරටත් පවසයි.

තුර්කි තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකරන ඕනෑම අවස්ථාවක දිවයිනෙන් පිටව යාමට එම කණ්ඩායම සූදානම් බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

‘දැවැන්ත බෞද්ධ සංහාරයක් එනවා’ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අනතුරු අගවයි

colombotoday

පසුගිය කාර්තු 3දී පමණක් HIV අසාදිතයන් 429ක් හදුනා ගනී

Admin

ජනපතිත් මැතිවරණ නීතී උල්ලඝණයක?

Admin

විස්තර දුන්නේ රාජිත සේනාරත්න. මුදල් දුන්නේ හිටපු SPC සභාපති රූමි. සුදුවෑන් කතාවේ දෙදෙනා සියල්ල වමාරති.

colombotoday

ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 තෙක් දිගු කරයි

colombotoday

අයි.එම්.එෆ්. වෙනස් කලොත් ආර්ථිකය කඩා වැටෙනවා

Admin