Colombo Today Local News

ඇල්පිටිය ප්‍රා. සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ කාමරයක් තුළ තිබී දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් භාවිත කරන මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත පොලීසිය සොයා ගෙන තිබේ.

විවිධ පුද්ගලයින්ට ව්‍යාජ සහතික සකස් කරදීම සඳහා මෙම මුද්‍රා භාවිත කරන්නට ඇතැයි, පොලීසිය සැක පළ කරයි.

දිවයිනේ විවිධ පැසල්වල විදුහල්පතිවරුන්, නීතිඥවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ නිල මුද්‍රාවලට සමාන මුද්‍රා පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයන් අත්අඩංගුවට ගනී.

colombotoday

ට්‍රක් රථයක සැඟවී රුමේනියාවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් හසුවෙයි

Admin

සිව් නිවුන් දරු උපතක් පුත්තලම රෝහලේ…

colombotoday

“වෘත්තීය සමිති නායකයන්ට ආතතිය” – සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න

colombotoday

මහේන්ද්‍රන් මෙරට පුරවැසියෙක් නොවන බැවින් සාක්ෂී දීමට බලකළ නොහැකියි – කොමිසමට දන්වයි

colombotoday

බෙන්තර ඇල්පිටියෙන් සජිත් හාන්සියි… 66.7% ප්‍රතිශතයකින් ගෝඨා ජයගනී !

colombotoday