හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු කතානායකවරයෙකු වූ දේශබන්දු කරූ ජයසූරිය මහතාට අද (03)දින දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමෙයි.
ඒ, ජනාධිපති මන්දිරයේදී ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිරිනමන මෙම සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට පිදෙන ඉහළම ජාතික සම්මානය වේ.
ජනාධිපති කාර්යාලය සඳහන් කරන්නේ, දේශපාලඥයෙකු හා සමාජ සේවකයෙකු ලෙස කරූ ජයසූරිය මහතා කළ විශිෂ්ට සේවාව අගයමින් ඔහුට මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපතිවරයා තීරණය කළ බවයි.