Colombo Today Local News

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජිල් බෝල ගැසූ 6ක් වටලයි

වේයන්ගොඩ විශේෂ නිට්ටඹුව ඔචඩ්වත්ත ප්‍රදේශයේ මුදල් ඔට්ටුවට ජිල් බෝල ගසමින් සිටි බව කියන පුද්ගලයින් හය දෙනෙකු පෙරේදා (26)පවස්වරුවේ අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය පවසයි.

ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් වැටලීම සිදු කොට මුදල් ඔට්ටුවට ජිල් බෝල ගසමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

මොවුන් නිතර මුදල් ඔට්ටුවට ජිල් බෝල ගැසීම හේතුවෙන් ඔවුන් ගේ නිවාස වල මුදල් ප්‍රශ්න හට ගෙන විවිධ ගැටුම් ඇති වන බවට අවස්ථා කිහිපයක්ම තොරතුරු වාර්තා වීම හේතුවෙන් වැටලීම කළ බවද නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා සදහන් කරයි.

සැකකාර පුද්ගලයින් හය දෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර් ජගත් රෝහණ හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාර් ප්‍රසාද් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වැටලීම සිදු කර ඇත.

Related posts

දුමින්ද දිසානායකට එරෙහිව විනය  ක්‍රියාමාර්ගයක්

Admin

සේයා ඝාතකයාට මරණ දඬුවම

colombotoday

බිරිඳ මරා ස්වාමි පුරුෂයාත් සිය දිවි හානි කර ගනී

colombotoday

සතියක් යන්න කලින් සුදු වෑන් එකක් ඇවිල්ලා කාන්තාවකගේ කටට පිස්තෝලේ දැම්මා – රාජිත සේනාරත්න යලි කට අරියි

colombotoday

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම ගැන තීරණය අද

Admin

මලියදේව ශාන්ත ආනා බිග් මැච් අතරතුර වාහන 20ක් අත්අඩංගුවට

colombotoday