Colombo Today Local News

වෘත්තීයවේදීන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ගැන අනතුරු අඟවයි

අසාධාරණ බදු පනතට එරෙහිව හෙට (01) දිනයේ දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

තම සංගමය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ මධ්‍යමකාරක සභා රැස්වීමක් අද (28) පෙරවරු 10.00 කැඳවා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සදහන් කරන්නේ, හෙට දිනයේ වර්ජනය සඳහා තෙල්, වරාය, විදුලිය වෘත්තීය සමිති ද සම්බන්ධවන බවයි.

හෙට දිනයෙන් පසුව රජය තම ගැටලුව විසඳීමට පියවර නොගන්නේනම් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා පවසයි.

Related posts

ඇමතිවරයා ගොනාට අන්දවා ගිනි ගානට විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කදිරානවත්තේ ගෝනා අල්ලයි

Admin

වාහන මිළ නැවතත් නගී…

colombotoday

මෙම වසරේ වැඩිම අපනයන මාසික ආදායම අගෝස්තු මාසයේදී

Admin

“මහින්ද සමරසිංහ කියන කාලකන්නියා එක්ක බැරිවුණා” – ආණ්ඩුව ඇතුලේ ගැටුම රංගේබණ්ඩාරගේ කටින් එළියට

colombotoday