Colombo Today Local News

හිමිනමක් සමඟ නිදන් හොරකම ගිය 7ක් බඩුත් එක්ක මාට්ටු.

නිදානයක් ගැනීමේ අරමුණින් කැනීමක් සිදු කරමින් සිටියදී හිමිනමක් ඇතුළු 7 දෙනෙකු ගලෙන්බිදුණුවැව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර ගලෙන්බිදුණුවැව කරුවලගස්වැව ප්‍රදේශයේ නිවසක් පිටුපස එම නිවෙස් හිමියාගේ වත්තේ කැනීම සිදු කරමින් සිටින බවට ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ගේ පුද්ගලික ඔත්තුකරුවකු විසින් ලබා දුන් තොරතුරක් මත කල වැටලීමකදී නිට්ටඹුව අල්ගම ප්‍රදේශයේ පාසලක සේවයේ නියුතු දෙබහැර විහරස්ථානයේ නෙවාසික භික්ෂූන් වහන්සේ නමක් අතුළු සැකකරුවන් හත්
දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

කැනීමට භාවිතා කරන ලද උදළු, පිකස් ඇතුළු උපකරණ තොගක් හා පිරිස පැමිණ තිබු pajaro වර්ගයට අයත් ජීප් රථය ගලෙන්බිදුණුවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අල්ගම ප්‍රදේශයේ පාසලක ගුරුවරු, වතුපිටිවල රෝහලේ සෞඛ්‍ය සේවයේ,හා පුද්ගලික අංශවල සේවයේ නියුතු නිට්ටඹුව පස්යාල,දෙබහැර,ගලෙන්බිදුණුවැව දිව්ල්වැව,යකල්ල ඉලිප්පුකන්නීය යන ප්‍රදේශවල පදිංචි කරැවන් වේ.

සැක කරුවන් හා කැනීමට යොදාගත් උපකරණ අද(20)දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධියට අදාල පරීක්ෂණ ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකD.M.S.J.දිසානායක මහතාගේ උපදෙස්පරිදි ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙහෙයවනු ලබයි.

-ගලෙන්බිදුණුවැව බාලසුරිය-

Related posts

“මව් බිමට අලුත් උදෑසනක්” – උදේ පාන්දරම මහින්දගෙන් පණිවිඩයක්

colombotoday

බීමත් රියදුරන් 3354ක් අත්අඩංගුවට

colombotoday

ගඩොල්බැද්දේ අතුරුමාර්ගයක සැක සහිත මළ සිරුරක්

colombotoday

ගිය අවුරුදු හතරේ ජනතාවට කිසිවක් නොකළ එජාපයට කළ හැකි එකම දේ අපට මඩ ගැසීම පමණයි

colombotoday

රත්‍රං මිල තවත් ඉහළ යයි

Admin

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට ණය ඇපකර ලබාදීම වසර අවසානයේ…

Admin