Colombo Today Local News

නාවික සෙබළෙකුගේ පා පහර කෑ සිවු මස් ගැබිනියකගේ කලලය විනාශවේ

ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පා පහර කෑ සිවු මස් ගැබිනියක බොරැල්ල ද සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ කලලය පා පහරවැදීමෙන් විනාශයට පත්ව ඇති බවට එම රෝහලෙන් දැනුම් දී ඇති බව පොලිස් නිලධාරියෙක් පවසයි.

සැකකාර නාවික හමුදා සෙබළාගේ සහෝදරියකගේ නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර එයට මෙම නාවික සෙබළා ද සහභාගි වී තිබේ.

මෙම නාවික සෙබළාගේ සහෝදරියගේ සැමියගේ සහෝදරයකු සහ නාවික සෙබළ අතර බහින්බස් වීමක් සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකාර සෙබළා ඔහුට ද පහර දී ඔහුගේ ගැබිණි බිරිඳගේ උදර ප්‍රදේශයට ද වැරෙන් පා පහරවල් කිහිපයක් එල්ල කර ඇතැයි එම පොලිස් නිලධාරියා සදහන් කරයි.

පා පහර කෑමට ලක් වූ සිවු මස් ගැබිනිය බිම ඇද වැටී ඇතැයි ද පැවසේ ගැබිණි කාන්තාවට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදා සෙබළා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පුල්මුඩේ ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරන අයෙකි.

ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ටි.ඒ.ඩී.ටී. සේනානායක මහතාගේ මෙහෙයවීම යටතේ ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.පී.එස්. ප්‍රියංග මහතාගේ ප්‍රධානත්වයෙන්මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

හැටන් දුම්රිය ස්ථානයේ අභිරහස් මරණයක්!

Admin

ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් විය යුතයි.. – හේෂා විතානගේ

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කර හසුවූ උලමා වරද නීතිඥයා පිට පටවයි

colombotoday

පාස්කු කොමිසමේදී රෙද්ද කැඩෙන බදුර්දීන් බේරගන්න සමගි ජන බලවේගය මැකෝ ලඟට

colombotoday

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ්

colombotoday