Colombo Today Local News

කෑමට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් හරවා යවයි…

පරිභෝජනයට නුසුදුසු මිරිස් කන්ටේනර් 40කට අධික සංඛ්‍යවක් පසුගිය මාස තුන ඇතුළත ප්‍රති නැව්ගත කිරීමට නිර්දේශ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පවසයි.

එම මිරිස් තොග ප්‍රති නැව්ගත නොකර මෙරටදී විනාශ කිරීමට ඇතැම් ආනයනකරුවන් කළ ඉල්ලීම් සලකා බලා ඔවුන්ට ඒ සඳහා පහසුකම් සැලසීමටද පියවර ගත් බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසයි.

දිවයිනට ආනයනය කරන සෑම මිරිස් කන්ටේනරයක්ම වරායේදී පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවද ඔහු පවසයි.

එබැවින් මෙරට අලෙවියට නිකුත් කෙරෙන සියලු වියලි මිරිස් තොග ප්‍රමිතියෙන් යුක්ත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය සදහන් කරයි.

Related posts

මහජන ආරක්ෂක ඇමතිටත් එරෙහිව විශ්වාසභංගයක් ?

Admin

පොලිස් නිලධාරියෙකුට පහර දුන් කතක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

තොපි හිතුවද එල්.ටී.ටී.ඊ.ය නැහැ කියලා.. ඕවා නවත්ත ගන්න කියල අරූට කියපන් | සිංහ කොඩිය එස වූ අරුල්ට කොටි තර්ජන

colombotoday

නැවත මී උණ රෝගය හිස එසවීමේ අවදානමක්

colombotoday

ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනා

colombotoday

කාල්ටන් නිවස අසල විරෝධතාව : අත්අඩංගුවට ගත් සැකකරුවන් 12ට ඇප

colombotoday