Colombo Today Local News

වකුගඩු ජාවාරම්කරුවෙක් රට පනින්න යද්දී මාට්ටු

බොරැල්ල පුද්ගලික රෝහලක දිළිඳු පුද්ගලයන් රවටා මුදලට වකුගඩු ලබා ගැනීමේ ජාවාරමට සම්බන්ධ තරව්කරුවෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් ගුවන් ගමන් තහනමක් ලබාගෙන තිබියදී ඔහු ඩුබායි රාජ්‍ය බලා යාමට ඊයේ (9) රාත්‍රියේ ගුවන්තොටුපළට පැමිණ සිටි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම සැකකරු එම රෝහල් සේවකයකු වශයෙන් පෙනී සිටිමින් මෙම ජාවාරම සිදු කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

විහිළු කරන්න එපා.. බැඳුම්කර හොරකමට කබීර් සම්බන්දයි..

colombotoday

සිංහ කොඩියට යළිත් පණ දෙන්න, ලෝක සිතියමේ කොහේ හිටියත් ඔබත් එක්වන්න ! – විමල් ලන්ඩනයේදී

colombotoday

දුරකථන සේවා විසන්ධි කරන්න එපා – විදුලි සංදේශන කොමිෂන් සභාව දන්වයි

colombotoday

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday

නැගෙනහිර පුරාවිද්‍යාත්මක උරුම රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. දෙරණ සභාපති දිලිත් ජයවීරටත් සාමාජිකත්වය.

colombotoday

බුදු පිළිමයට විරෝධය පා යාපන විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය වසා දැමේ

colombotoday