Colombo Today Local News

සේපාල්ගේ කතාව ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගෙනුත් ප්‍රකාශයක් ගනී

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද (09) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඒ, මහනුවර ශ්‍රී දළදා මාළිගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනා එල්ල වන සේපාල් අමරසිංහ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේට නිගරු වන අයුරින් සේපාල් අමරසිංහ නම් පුද්ගලයෙක් පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකර තිබුණි.

ඒ අනුව, පාර්ශව කිහිපයකින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කිහිපයක් ලැබුණු අතර පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සේපාල් අමරසිංහ නැමැත්තාව පසුගිය 5වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (10)දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

එමෙන්ම කුරුණෑගල පොතුහැර, අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාළිගාවේ නිර්මාතෘ ජානක සේනාධිපති නැමැත්තාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අදාළ ප්‍රදේශයට ගොස් විමර්ශන නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වෙයි.

පැය 5කට ආසන්න කාලයක් විමර්ශන නිලධාරීන් එහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Related posts

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin

“රාජිතට විරෝධය පා, කොඩි ඔසවන්න”

colombotoday

දේශබන්දු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin

“බේරේ වැවේ වුණත් අපට මැයි දිනය සමරන්න පුළුවන්” – ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි

Admin

අලුත් බදු ක්‍රමය IMF උගුලක්.. IMF එකට ඕන විදිහට තීරණ ගන්නවනම් ආණ්ඩුවක් අවශ්‍ය නෑ

colombotoday

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

colombotoday