Colombo Today Local News

ඉන්දියාවෙ ආරම්භ කර මෙරට බැංකු තුනකට ලැබුණු අනුමැතිය

ශ්‍රී ලංකාවේ බැංකු තුනක් ඉන්දියානු බැංකුවේ ආරම්භ කර ඇති විශේෂ ඉන්දීය රුපියල් වොස්ට්‍රෝ ගිණුම් සක්‍රීය කිරීමට ඉන්දියානු මහ බැංකුවෙන් නියාමන අනුමැතිය ලැබී ඇති බවත් එම ගිණුම් සතියක් ඇතුළත සක්‍රීය වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

සක්‍රීය කළ පසු ඩොලර් මත යැපීමකින් තොරව ශ්‍රී ලංකාවට, ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ඉන්දියාව සමඟ වෙළඳ ගණුදෙනු සිදු කිරීමට අවස්ථාව ලැබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.

ඉන්දියානු බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 1932 වසරේ කොළඹදී ශාඛාවක් විවෘත කර ඇත. වොස්ට්‍රෝ ගිණුම් ශ්‍රී ලංකාව ස්ථාවර කිරීමටද සහාය වනු ඇතැයි ඉන්දීය බැංකු ක්ෂේත්‍රයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

Related posts

කොටියෙකු අල්ලා මස් කර විකිණූ තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday

චීන තානාපති, හිටපු ජනපති හමුවෙයි

colombotoday

වුහාන් වල සිටින සිසුන් 30 දෙනා මෙරටට ගෙන්විමට චින රජයෙන් අවසර නෑ !

colombotoday

මැතිවරණ අල්ලස් දෙන්න ගිහින් අසාත් සාලි අතේ මාට්ටුයි ! (Video)

colombotoday

යහපාලන ඇමතිලාට එරෙහි දූෂණ විමර්ශන එක තැන නවතී.. ඉහලින් බලපෑම් !

colombotoday

සංවර්ධන කමිටුවලට සල්ලි දෙනවනම් ගුරුවරුන්ට බිලියන 30 ක් දෙන්න බැරි ඇයි ? ජෝශප් ස්ටාර්ලින් ප්‍රශ්න කරයි.

colombotoday