දෙහිවල ගල්කිස්ස මහනගර සභාව පසුගිය මැයි මාසයේදී හඳුන්වාදෙනු ලැබූ පරිසර හිතකාමී කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට අපනයනය කිරීම අද (23)දින සිදුකෙරුණි.
මිනීපෙට්ටි 1,200ක් මෙලෙස අපනයනය කෙරේ.
මෙරට වියට්නාම තානාපති කාර්යාලයේ නිලධාරීන් හා වියට්නාමයේ ශ්රී ලංකා සංඝනායක හිමියන් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සභාපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවක ප්රතිඵලයක් ලෙස මෙම ඇණවුම සිදුකරයි.
එය හඳුන්වාදුන් ප්රියන්ත සහබන්දු මහතා සඳහන් කළේ මේ වනවිට මෙම කාඩ්බෝඩ්වලින් නිමවා ඇති පෙට්ටි ලංකාව පුරාද භාවිතයට ගන්නා බවය.