Colombo Today Local News

බදු නොගෙවා බියර් ආනයනයට “ලයන් බියර්“ සමාගමට අවසර

lion-beer-ravi

ලයන් බෘෘවරි සමාගම වෙත මාස 3 ක කාලයක් සඳහා ආනයනික බදුවලින් තොරව බීර ආනයනය සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී තිබේ.

කෙසේ වෙතත් මෙහිදී දේශීය බීර නිෂ්පාදකයින් සඳහා බලපවත්වනු ලබන බදු ඒ අයුරින්ම සමාගම වෙත ක්‍රියාත්මක වනු ඇත.
ලයන් බෘෘවරි සමාගමේ බියගම පිහිට කර්මාන්ත ශාලාව, පසුගිය මැයි මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන් අඩපණ විය. මේ නිසා සමාගමේ යන්ත්‍රසූත්‍ර සියල්ලක්ම පාහේ හානියට පත්ව තිබේ. එබැවින් දේශීය වශයෙන් නිෂ්පාදනයක් සිදුනොවන බැවින් මෙම ආනයනික බදු සහනය කෙටි කලකට සමාගමට ලැබී තිබේ.

ලයන් බෘෘවරි සමාගම වාර්ෂිකව රුපියල් බිලියන 25 ක බදු ආදායමක් ලබා දෙන බැවින් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ සමාගම විසින් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත්තේ මාස 3 ක කාලයක් සඳහා බදු සහනයක් ලබා දෙන ලෙසයි.

ලයන් බෘෘවරි සමාගම දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන මධ්‍යසාර සාන්ද්‍රණය 5% ට අඩු බීර ලීටරයක් සඳහා රු. 190 ක්ද, 5% ට වැඩි බීර ලීටරයක් සඳහා රු. 315 ක්ද බදු වශයෙන් ගෙවනු ලබයි.

– biz.adaderana.lk

ලයන් බියර් කොම්පැණියට මුදල් ඇමතිගෙන් සුපිරි බදු සහන.. බිලියන ගණනක් රජයට පාඩුයි !

Related posts

ගුවන්යානා, බුල්ඩෝසර්, දියමන්ති වැට් බද්දෙන් නිදහස්.. වැට් නොවදින භාණ්ඩ ලයිස්තුව මෙන්න

colombotoday

ප්‍රදේශයේ ලියාපදිංචි නැති වාහනවලට තෙල් දෙන්නේ නැහැ

colombotoday

දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය අවසන්

colombotoday

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday